වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්ෂණ හා අධීක්ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය දිනවල හඳුන්වා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
11 Jun 2018
ජාතික මුආයිතායි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ ඇගැයුමට
ජාතික මුආයිතායි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
11 Jun 2018
ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාව සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාව අද (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ලදී.
11 Jun 2018
පාකිස්තානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් සජාඩ් අලි මහතා අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
11 Jun 2018
මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (ජුනි 10) හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.
11 Jun 2018
කුරුණෑගල ප්‍රදේශයේ ඇති වූ සූළි සුළං තත්ත්වයෙන් විපතට පත් ජනතාව සඳහා නාවික හමුදාවේ සහාය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසකට පසුගිය ජුනි 09 වන දින උදෑසන ඇති වූ සූළි සූළං තත්ත්වය හේතුවෙන් කුරුණැගල, කුඩාගල්ගමුව සහ බිබිලදේණිය යන ප්‍රදේශයන්හි අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා නාවික හමුදා සාමාජිකයින් යෙදිවිමට කටයුතු කරන ලදී.
11 Jun 2018
ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය 2018 පසුගිය ජුනි 09 දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී. ඒ
11 Jun 2018
නව පත්විම් ලද යාපනයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් වශයෙන් පත්විම් ලද එස් බාලචන්ද්‍රන් මහතා ඊයේ (ජුනි 07) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
08 Jun 2018
කොමාණ්ඩර් ආනන්ද දිසානායක මහතා ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ආනන්ද දිසානායක මහතා අද (ජුනි 06) වැඩ භාර ගන්නා ලදී.
06 Jun 2018
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුනි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
06 Jun 2018