වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම - 2030 සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගික සැලැස්ම එලි දැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond, NAVSTRAT – 2030) සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සමුද්‍රීය ගුවන් මෙහෙයුම් පිලිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම (Joint maritime air operations in Sri lanka - JMAOS) නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ප්‍රධානය කිරීම සහ නාවික හමුදා වෙබ් අඩවියට ඇතුලත් කිරීම අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
30 Dec 2024
කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
30 Dec 2024
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පුළුල් කළ පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හා නවීකරණය කළ පහසුකම්, 2024 දෙසැම්බර් මස 29 වැනි දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
30 Dec 2024
සාර්ථකව පුහුණුව අවසන්කළ මධ්‍ය නිලධාරීන් 16 දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 13 දෙනෙකු ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 (නීති) හා 39 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් දහසය (16) දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් දහතුන් (13) දෙනෙකු විසිර යාම හා අධිකාරියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 28 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
29 Dec 2024
‘Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාවේ රියර් අද්මිරාල් YING Hongbo සහ රියර් අද්මිරාල් HE Yongming ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (2024 දෙසැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
23 Dec 2024
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 12 වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡාව නවදිල්ලියේදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර දොළොස් (12) වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡා වාරය (12th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) 2024 දෙසැම්බර් මස 18 සිට දින තුනක් (03) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සාර්ථකව පැවැත්වූණු අතර, එම සාකච්ඡාව 2024 දෙසැම්බර් මස 20 වැනි දින සාර්ථකව නිමාවට පත්විය.
23 Dec 2024
නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave N’ Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා සංගීත අංශය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, ‘Decked in Navy Blue and Red, Merry Christmas from the Seas to the Shore’ යන තේමාව පෙරදැරිව 2024 දෙසැම්බර් මස 21 වන දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලාමාහේවා මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
21 Dec 2024
උතුරු විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 වැනි දින උතුරු විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
19 Dec 2024
ඉලක්කයට පිහිය විසිකිරීමේ ක්‍රීඩාව නාවික හමුදාව වෙත හඳුන්වාදීමේ වැඩසටහනක්

ඉලක්කයට පිහිය විසි කිරීමේ ක්‍රීඩාව ප්‍රථම වරට නාවික හමුදා ක්‍රීඩා අංශයට හඳුන්වාදීමේ තෙදින වැඩ මුළුවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 12 වැනි දින වැලිසර නාවික සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි.
19 Dec 2024
ගුවන් හමුදා මුදාගැනීමේ පාඨමාලා සඳහා නාවික හමුදාවේ සහාය

මීගමුව බ්‍රවුන්ස් බීච් ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් 18 වැනි දින ශ්‍රී ලංනා ගුවන් හමුදාව මඟින් සිදු කරන ලද ගුවන් මුහුදු මුදාගැනීමේ පාඨමාලාවන් සාර්ථකව නිමකිරීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීම සිදු කෙරිණි.
19 Dec 2024