වැදගත් සිදුවීම්
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 62 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන්ගේ 61 වන බඳවා ගැනීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 62 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම 2020 දෙසැම්බර් මස 12 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
13 Dec 2020
අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ
ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය (AOPV Stores and Workshop Complex), නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2020 දෙසැම්බර් 12) ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
12 Dec 2020
නාවික හමුදා නිලධාරීන් 23 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්න කල දාහතරවන වන (14) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී 2020 දෙසැම්බර් මස 11 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.
12 Dec 2020
අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් වෙතින් සුභපැතුම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය 2020 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් හා ආරක්ෂක උපදේශකයින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
10 Dec 2020
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය අද (දෙසැම්බර් 9) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 70 වන සංවත්සරයට සමගාමීව, මෙවර “මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 09 වන දින සිට 13 වන දින දක්වා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී පවත්වනු ලබන නෞකා දැක්ම මඟින්, නෞකාවන්ගේ හැකියාවන් සහ භාවිතය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටද කටයුතු සූදානම් කර ඇත.
09 Dec 2020
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව අමතයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව ඇමතීම සඳහා අද (2020 දෙසැම්බර් 07) සහභාගී විය.
07 Dec 2020
රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි
වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ අද (2020 දෙසැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
04 Dec 2020
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා (Eric LAVERTU) 2020 දෙසැම්බර් 01 දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා හමු විය.
02 Dec 2020
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරු නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් (Sean Unwin) සහ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාරගැනීමට නියමිත කපිතාන් ඉයන් කේන් (Ian Cain) අද (2020 දෙසැම්බර් 01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
01 Dec 2020
රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
රුසියානු සමූහාණ්ඩුවට අයත් ගාර්ඩ්ස් මිසයිල් කෲසර් වර්ගයේ “වේරියග්” යුද නෞකාව(Guards missile cruiser “Variag”), ප්‍රති සබ්මැරීන යුද නෞකාවක් වන “අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral “panteleeve”) සහ මධ්‍යම ප්‍රමාණයේ සැපයුම් නෞකාවක් වන “පෙචේන්ගා” ( Medium sea tanker “Pechenga”) යන යුද නෞකා ත්‍රිත්වය 2020 නොවැම්බර් 30 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
01 Dec 2020