වැදගත් සිදුවීම්

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන එයි
 

අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සංජු පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුට හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) සවස ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

27 Dec 2016

නාවික හමුදාව විසින් වායු බල යාත්‍රාවක් (Air Boat) නිපදවයි
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින්, හදිසි ආපදා තත්ත්වයකදී (ගංවතුර) මුහුණදිම සඳහා නාවික හමුදාව සවිමත් කිරිමේ අටියෙන් වායු බල යාත්‍රාවක් නිෂ්පාදනය කොට ඇත.

26 Dec 2016

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ (23) නිමාවට පත් විය.

24 Dec 2016

නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) – 2016 උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජශීලීත්වය සහ උසස් විනෝදාශ්වාදය විදහා දක්වන නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) තුන් වන වරටත් කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ නිලධාරී නිවස්නයේදී ඊයේ (23) ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

24 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (23) සමත් විය.

24 Dec 2016

කච්චතිව් දූපතේ නව දේවස්ථානය යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් තම ආගමික මුදුන් මල් කඩක් සේ සලකන කච්චතිව් දූපතේ නව ශාන්ත අන්තෝනි දේවස්ථානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (23) යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්‍රදානය කරන ලදී.

23 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

23 Dec 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අයත්, පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) පුත්තලම පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී පාලවි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

23 Dec 2016

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහනට වසරක් සපිරේ
 

පසුගිය සමයේ අමිල සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.

22 Dec 2016

තවත් නෞකාවන් දෙකක් හම්බන්තොට වරායට
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 21 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 11 කට සිය මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.

22 Dec 2016