වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් ජගත් කුමාර, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
04 Oct 2025
නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැපයීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි
නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා ආරක්‍ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්‍ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කර ගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් දෙකක (02) දේශීය නියෝජිතයෙක් හා ගිවිසුම්ගත වීම, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
04 Oct 2025
ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් නාවික හමුදාව මඟින් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
03 Oct 2025
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 ඔක්තෝබර් 03) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
03 Oct 2025
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද (2025 ඔක්තෝබර් 02) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.
02 Oct 2025
නාවික හමුදාව මඟින් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්ගමුව ප්‍රාදේශීය සභාව තුල සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔයාමඩුව ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී විහාරය තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) 2025 සැප්තැම්බර් මස 20 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
01 Oct 2025


