වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 523 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් හාරසීය විසිතුන් දෙනෙකු (423) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් සිය දෙනෙකු (100) ඇතුළු ආධුනික නාවිකයින් පන්සිය විසි තුන්දෙනෙකු (523) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ඔක්තෝබර් මස 20 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

21 Oct 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අසංග රණසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අසංග රණසූරිය අද දින (2023 ඔක්තෝබර් 20) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

20 Oct 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 18 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Airavat’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ඔක්තෝබර් 19) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

19 Oct 2023

නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථුපාරාම පුදබිමේදී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථූපාරාම පුදබිම පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ඔක්තෝබර් 18) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

19 Oct 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

18 Oct 2023

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 11 වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී ආරම්භ වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර එකළොස් (11) වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡා වාරය (11th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) අද දින (2023 ඔක්තෝබර් 17) කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී, රියර් අද්මිරාල් Nirbhay Bapna (Assistant Chief of Naval Staff – Foreign Cooperation and Liaison) විසින් අද දින (2023 ඔක්තෝබර් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සමඟ නිල හමුවක් සිදුකෙරිණි.

18 Oct 2023

ඉන්දියාවේ කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Basil Mwambingu Mwakale අද දින (2023 ඔක්තෝබර් 17) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

18 Oct 2023

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 14 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI - 945’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2023 ඔක්තෝබර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

16 Oct 2023

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ඔක්තෝබර් 15) දිවයිනෙන් පිටත්ව යාමට කටයුතු කෙරිණි.

15 Oct 2023

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 14) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

14 Oct 2023