වැදගත් සිදුවීම්
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 ඔක්තෝබර් මස 28 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ඔක්තෝබර් 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි.
31 Oct 2023
කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 ඔක්තෝබර් මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ඔක්තෝබර් මස 28 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
29 Oct 2023
Trinco Dialogue - 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
‘Trinco Dialogue – 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2023 ඔක්තෝබර් මස 27 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
28 Oct 2023
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 28) උදෑසන ත්‍රිකුණාමල වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
28 Oct 2023
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 02 වන පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන (02) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Sri Lanka Navy’s Maritime Strategy to Underpin National Security’ යන මැයෙන් 2023 ඔක්තෝබර් මස 27 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
28 Oct 2023
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද කපිතාන් ආනන්ද් මුකුන්දන් (Captain Anand Mukundan) අද දින (2023 ඔක්තෝබර් 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
27 Oct 2023
ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂක අධ්යක්ෂ හා සම්බන්ධීකාරක සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂක අධ්යක්ෂ හා සම්බන්ධීකාරක Lieutenant General Regis COLCOMBET (Director of the Defence and Security Cooperation) අද දින (2023 ඔක්තෝබර් 26) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
26 Oct 2023
කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
26 Oct 2023
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද දින (2023 ඔක්තෝබර් 25) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
25 Oct 2023
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද දින (2023 ඔක්තෝබර් 24) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
24 Oct 2023