වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ පුහුණු සංචාරයක
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 22 වන දින සිට 28 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද සංචාරයක නිරතවීම සඳහා අද (22) කොළඹ වරායෙන් පිටත් විය.
22 Oct 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (20) සහ ඊයේ (21) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
22 Oct 2016
27 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී පවත්වයි
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (21) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් කාඩ්මට් නෞකාවේදී පවත්වන ලදී.
22 Oct 2016
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කුරිකට්ටුවාන් ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
21 Oct 2016
නීතිවිරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (NARA) වෙතින් ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) නොරෙච්චෝලේ සහ කප්පල්අඩි කළපුව අතර ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
20 Oct 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 35 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (19) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
20 Oct 2016
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (18) සමත් විය.
19 Oct 2016
නැගෙනහිර නාවික විධානය ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගනී
පරිසර හිතකාමී මට්ටමින් පවත්වාගෙන යනු ලබන හොදම රාජ්‍ය ආයතනයට හිමි ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගැනීමට නැගෙනහිර නාවික විධානය සමත් විය.
18 Oct 2016
නීති විරෝධී දැල් 6 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
18 Oct 2016
හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 විවෘත කෙරේ
නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් හම්බෙගමුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
17 Oct 2016