වැදගත් සිදුවීම්

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, 2025 අගෝස්තු මස 31 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

01 Sep 2025

ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් නාවික හමුදාව මඟින් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 අගෝස්තු මස 30 වැනි දින මන්නාරම, තාවුල්පාඩු සහ සවුත්බාර් ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

01 Sep 2025