වැදගත් සිදුවීම්

වැලිසර නාවික සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් වැලිසර නාවික සංකිර්ණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස ගොඩනැගිල්ල විවෘත කර නාවික හමුදා පුද්ගලයින්ගේ පරිහරණය සඳහා භාරදීම අද දින (2024 අගෝස්තු 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික සංකිර්ණයේදී සිදුකෙරිණි.

23 Aug 2024

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2024 අගෝස්තු 23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

23 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 අගෝස්තු මස 22 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද දින (2024 අගෝස්තු 23) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරිණි.

23 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

22 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O’Kane’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 අගෝස්තු මස 21 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O’Kane’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරිණි.

22 Aug 2024

නැගෙනහිර පළාත් ගිනි නිවීමේ සේවාවන්හී 'පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ' ප්‍රායෝගික පරීක්‍ෂණය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශය යටතේ ඇති ගිනි නිවීමේ සේවාවන්හී ‘පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ’ ප්‍රායෝගික පරීක්‍ෂණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී 2024 අගෝස්තු මස 20 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා නාවික හමුදා ඉංජිනේරු අංශයේ විශේෂඥ වෘත්තීය සහය ලබාදීම සිදු කෙරිණි.

21 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2024

නාවික තඨාකාංගනයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික තඨාකාංගනයේ, නාවික යුදායුධ දෙපාර්තමේන්තු ජැටිය පරිශ්‍රයේ (CNAD Pier) ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද දින (2024 අගෝස්තු 20) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

20 Aug 2024

ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව, ‍ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු, Ardiansyah Muqsit අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

20 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 අගෝස්තු මස 19 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද දින (2024 අගෝස්තු 20) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරිණි.

20 Aug 2024