වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ දායකත්වයෙන් ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෘතිකයන් හා එක්ව ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක් සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 29 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

04 May 2025

නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තාක්‍ෂණික වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තෙදින පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 26 වැනි දින සිට 28 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

04 May 2025

අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් තුල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 03ක් පිරිසිදුකර ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ප්‍රජා බල ගැන්වීම සඳහා 2025 අප්‍රේල් මස 20, 22 සහ 28 දිනයන්හීදී නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම ගිණීකොන නාවික විධානය මඟින් සිදු කෙරිණි.

02 May 2025

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ය‍ටතේ පොතුවිල් ප්‍රදේශයේ සිදුකල කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණය සඳහා දායක වන නාවික හමුදාව, රොටරැක්ට් ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය (Rotaract Informatics Institute of Technology -RIIT) හා එක්ව පොතුවිල් යුරානි කලපු ප්‍රදේශයේ කඩොලාන පැළ 1000ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතියක් 2025 අප්‍රේල් මස 26 වැනි දින ආරම්භ කෙරිණි.

02 May 2025

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 419ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැට හය දෙනෙකු (266) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය පනස් තුන් දෙනෙකු (153) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දහනම දෙනෙකු (419) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 අප්‍රේල් මස 29 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි.

01 May 2025