වැදගත් සිදුවීම්

ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපිත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ ඒකක (CBRN Units) මඟින් සිදුකෙරෙන පරීක්‍ෂා කිරීම් සඳහා අවශ්‍ය න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් නාවික හමුදාධිපති වෙත සංකේතාත්මකව භාරදීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

16 May 2025

ගාලු කථිකාව 2025 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

‘Maritime outlook of the Indian ocean under changing dynamics’යන තේමාව පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලබන ගාලු කථිකාව 2025 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සඳහා වන නිල වෙබ් අඩවිය එළිදැක්වීම, අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණී.

16 May 2025

නාවික හමුදාධිපති විසින් කොළඹදී ආරම්භ වූ ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය සිදුකරයි

ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (Institute of National Security Studies - INSS), Consortium of South Asian Think Tanks (COSATT) සංවිධානය සහ Konrad-Adenauer-Stiftung (KAS) සංවිධානය හා එක්ව සංවිධානය කරනු ලබන ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුව අද (2025 මැයි 15) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, එම සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකෙරිණි.

16 May 2025

‘IMDEX Asia – 2025’ සඳහා සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

සිංගප්පූරුවේ චැංගි ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී 2025 මැයි මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වූණු ‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වැනි අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, අද (2025 මැයි 15) දිවයිනට පැමිණි අතර, සමුදුර නෞකාව නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

15 May 2025

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2025 මැයි මස 09 වැනි දින දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව අද (2025 මැයි 13) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

13 May 2025

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මැයි 09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු කෙරිණි.

09 May 2025

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමීණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Nakatani Gen මැතිතුමා සමඟ පැවති විශේෂ සාකච්ඡාව සඳහා ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහභාගී විය

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Nakatani Gen මැතිතුමා ඇතුළු දූත පිරිස සමඟ ආරක්‍ෂක මුලස්ථාන සංකීරණයේදී 2025 මැයි මස 04 වැනි දින පැවිති විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහභාගී වෙයි.

07 May 2025

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහභාගී වෙයි

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය 2025 මැයි මස 06 දින සිංගප්පූරුවේ චැංගි ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා සහ ඊ‍ට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ ‍ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.

07 May 2025

EOD & CBRNE පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (Explosive Ordnance Disposal and Chemical, Biological, Radiological, Nuclear and Explosive - EOD & CBRNE) පිළිබඳ 01/2025 පාඨමාලාව 2025 අප්‍රේල් මස 21 වැනි දින සිට මැයි මස 01 වැනි දින දක්වා, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සහතික ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ නි‍යෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

04 May 2025

"Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය මීගමුව කළපුවේදී

ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සංවිධානය කල "Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය (Riverine training exercise) මීගමුව කලපු ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 2025 අප්‍රේල් මස 30 වැනි දින සාර්ථකව පැවැත්විණි.

04 May 2025