වැදගත් සිදුවීම්
නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරිම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසරදී
දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) වැලිසර පිහිටි නාවික රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව සිදු කෙරුණි.
19 May 2021
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන සිය වසර 35කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021මැයි 19) දින විශ්‍රාම යන ලදී.
19 May 2021
කැළණි ගඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කිරිමට නාවික හමුදා සහය
පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී කැඩී ගිය අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ස්ථානය (water intake well) වෙත අපද්‍රව්‍ය ඇතුල්විම වැළැක්වීමට යොදා තිබූ පාවෙන ජල බාධකය (Floating Boom) නැවත යතාතත්වයට පත් කිරීමට නාවික හමුදාව 2021 මැයි මස 18 වන දින කටයුතු කරන ලදි.
19 May 2021
බටහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී
රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 මැයි 18) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
18 May 2021
කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නාවික හමුදාධිපතිගේ නිරීක්ෂණයට
කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, දිස්ත්‍රික්කයේ ස්ථාපනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ වතුපිටිවල, ගම්පහ, මිනුවන්ගොඩ යන රෝහල් තුළ නාවික හමුදාව මඟින් සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 මැයි 15) සහභාගී විය.
15 May 2021
කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 එන්නත්කරණයට නාවික හමුදා සහය
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 අවදානම හමුවේ සේවාවන් සපයන කර්මාන්ත ශාලා සේවකයින් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම නාවික හමුදාව විසින් අද (2021 මැයි 15) කටුනායක අපනයන සැකසුම් කළාපයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා එක්ව සිදු කෙරිණි.
15 May 2021
වැලිසර නාවික මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කෙරේ
නාවික පුද්ගලයින්ගේ දුදරුවන්ගේ වෛද්‍ය පහසුකම් නංවාලනුවස් වැලිසර නාවික මහ රෝහලෙහි අලුතින් ඉදිකරන ලද ළමා වාට්ටුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් අද (2021 මැයි 14) දින එම රෝහල් පරිශ්‍රයේදී විවෘත කිරීමට කටයුතු කෙරිණි.
14 May 2021
නාවික හමුදා පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොටදී
නාවික හමුදාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2021 මැයි 14) හම්බන්තොට ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.
14 May 2021
මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි විශේෂ මාතෘ ඒකකය වෙත HDU/ICU (High Dependency Unit / Intensive Care Unit) වර්ගයේ ඇඳන් 03 ක් පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි මස 12 දින නාවික හමුදා මූලස්ථානයේ පිහිටි ප්‍රදීපාගාර අවන්හලේදී සිදුකරන ලදී.
13 May 2021
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 මැයි 12) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
12 May 2021