වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවේ ඉන්දියනු ආරක්ෂක උපදේශක උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ 2019 මැයි 19 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.
23 May 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව අද (මැයි 22) මැදවච්චිය, මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
22 May 2019
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට
සිංගප්පූරුවේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා 2019 මැයි 06 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සිංගප්පුරුව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණු සංචාරය නිම කිරීමෙන් පසු අද (මැයි 22) දිවයිනට ලඟා විය.
22 May 2019
ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් අද (මැයි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
22 May 2019
ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් දොළොස් දෙනෙකු අද (මැයි 22) විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබන ලදි.
22 May 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි වන කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දාන ශාලව සඳහා මුල් ගල තැබේ
කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි වන දාන ශාලව සඳහා අද (මැයි 22) මුල් ගල තැබිම වතිකානුවේ අතිඋතුම් කාදිනල් ෆිලෝනි හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි.
22 May 2019
මූතූර් ගෙංගෙයි පාලම යටින් තවත් අවි ආයුධ කිහිපයක් හමුවෙයි
මූතූර් ප්‍රදේශයේ ගෙංගෙයි පාලම යට නාවික හමුදාව විසින් 2019 මැයි 18 වන දින ආරම්භ කරන ලද කිමිදුම් මෙහෙයුම මඟින් තවත් අවි ආයුධ කිහිපයක් 2019 මැයි මස 21 වන දින සොයා ගෙන ඇත.
22 May 2019
පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීමෙන් ජාතික ආරක්ෂාවට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හංවැල්ලේදී
පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීමෙන් ජාතික ආරක්ෂාවට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳව කළුගල්, හුණුගල් හා ඒ ආශ්රිත ව්‍යාපාරයන් පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 මැයි 21 වන දින හංවැල්ලේදී පැවැත්විණි.
22 May 2019
කේරළ ගංජා ග්‍රෑම් 760 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 21 වන දින දෙවුන්දර, වැල්ලමඩම ප්‍රදේශයේදී සිදු කළ වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 760 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
22 May 2019
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව පසුගිය 2019 මැයි 21 වන දින මන්නාරම, දුම්රිය ස්ථානයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923 ක් සමඟ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.
22 May 2019