වැදගත් සිදුවීම්
ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක් 2025 මාර්තු මස 26 වැනි දින සිට 2025 මාර්තු 28 වැනි දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ සහ වාලච්චේන ධීවර වරායන් කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. එහිදී එම වැඩ සටහන්ට සහභාගී වූ ධීවරයින් වෙත ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව වෙතින් සහතික පත් ප්‍රදානයක්ද සිදු කෙරිණි.
01 Apr 2025
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ජගත් කුමාර 2025 මාර්තු 31 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
01 Apr 2025
මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා ප්‍රජා බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 මාර්තු මස 26 වැනි දින සිදු කෙරිණි.
01 Apr 2025