වැදගත් සිදුවීම්

ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වැඩ භාර ගනියි

නාවික හමුදාවේ දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් එම ධුරයේ වැඩ භාරගැනීම අද (2025 අප්‍රේල් 04) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

04 Apr 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායක වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 03 වැනි දින සිදු කෙරුණූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය දායක විය.

04 Apr 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග අද (2025 අප්‍රේල් 03) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

04 Apr 2025

සමතුලිත සහ සෞඛ්‍ය සම්පන්න නැව් මුළුවක් වෙනුවෙන් නාවික හමුදාව තවත් කඳු තරණ ක්‍රියාකාරකමක නිරතවෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික පුද්ගලයින් උනන්දු කිරීම සිදු කරණු ලබයි, ඒ අනුව, වැඩ බලන අධ්‍යක්‍ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම කාර්යය මණ්ඩලයේ නාවික පුද්ගලයින් 34 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 28 සහ 29 යන දෙදින ශ්‍රීපාද අඩවිය ගවේෂණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

03 Apr 2025

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නාවික හමුදාධිපති හමුවෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

03 Apr 2025

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා සංගමයේ අනුශාසක වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

03 Apr 2025

මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 මාර්තු මස 18 වැනි දින සිට 29 වැනි දින දක්වා සිදු කෙරිණි.

02 Apr 2025

10 වැනි වේග ප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමළයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය (FAF4) මඟින් පවත් වන ලද 10 වැනි වේගප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද පුහුණු නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රධානය ධජ නිලධාරී නාවික දියත් විධානයගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු මස 29 වැනි දින හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේදී සිදු කෙරිණි.

02 Apr 2025

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා නිල සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

01 Apr 2025

නාවික හමුදාව මඟින් ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා සහය

ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස27 සිට 29 දක්වා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණී.

01 Apr 2025