වැදගත් සිදුවීම්
‘Speech Craft’ සමාජයේ ප්‍රථම ඉංග්‍රීසි කථන වැඩමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව (Public Speaking) සහ විශ්ලේෂණ කුසලතා (Analytical skills) වැඩිදියුණු කිරීමේ අරමුණෙන්, නාවික පර්යේෂණ ඒකකය විසින් ප්‍රථමවරට සංවිධානය කල ප්‍රථම ඉංග්‍රීසි කථන වැඩමුළුව, කැළණිය ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ මෙහෙයවීමෙන් 2025 මාර්තු මස 28 වැනි දින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
09 Apr 2025
නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බලගැන්වීමේ වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා ගිණිකොණ නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
09 Apr 2025
නාවික හමුදාධිපති නිර්මාණාත්මක ලිවීමේ හැකියාව අගයයි

නිර්මාණාත්මක ලිවීමේ වටිනාකම නාවික හමුදාධිපති විසින්, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ) ආර්ඒටීඩී රාජපක්‍ෂ විසින් රචිත කෙටිකතා එකතුවක් නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම වෙනුවෙන්, 2025 අප්‍රේල් මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සංවිධානය කෙරුණු අවස්ථාවේදී අවධාරණය කෙරිණි.
09 Apr 2025
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 අප්‍රේල් මස 04 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව අද (2025 අප්‍රේල් 07) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
07 Apr 2025
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනුක්කිරියාව සහ නාවක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරසථාන පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 2025 අප්‍රේල් මස 04 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
07 Apr 2025
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය අංශයේ මූල්‍ය දායකත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මහින්දාගම ග්‍රාම නිලධාරී කොටඨාසයට අයත් ශ්‍රී මහසෙන් විහාර භූමියේ ස්ථාපිත කරන ලද ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 අප්‍රේල් මස 03 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
07 Apr 2025
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Apr 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා දිවයිනෙන් පිටත් වෙයි

2025 අප්‍රේල් මස 01 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකා එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව 2025 අප්‍රේල් මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Apr 2025
එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන ආරක්‍ෂක ආයතනයේ නිලධාරීන් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ (U.S. Navy’s Meteorological and Oceanographic Command – NMOC) ගේබ්‍රියෙල් අයිවන් මහත්මිය (Gebrielle Ivan) සහ ජාත්‍යන්තර නීති අධ්‍යයනය සඳහා වන එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනයේ (U.S. Defense Institute of International Legal Studies – DIILS) ඩේවිඩ් ලී මහතා (David Lee) ඇතුලු නිලධාරින් පිරිසක් නිල හමුවක් සඳහා 2025 අප්‍රේල් 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
05 Apr 2025
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක්

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ හැට හතරවන (64) ජන්ම දිනය නිමිත්තෙන්, ආගමික වැඩසටහන් මාලාවක් 2025 අප්‍රේල් මස 02 සහ 03 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
05 Apr 2025