වැදගත් සිදුවීම්
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 19 වැනි දින සහ 26 වැනි දින දකුණු පළාත තුළ සිදුකරන ලද වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදීම සිදු කෙරිණි.
30 Apr 2025
බටහිර නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් බටහිර නාවික විධානයේ ආඥාපතිගේ උපදෙස් මත එම විධානය විසින් සංවිධානය කල ‘වසන්ත උදානය - 2025’ විචිත්‍රවත් බක්මහ උළෙල 2025 අප්‍රේල් මස 27 වැනි දින මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
30 Apr 2025
“සිරි දළදා වන්දනාවෙන්” අනතුරුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය

දළදා වන්දනාවෙන් පසු වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් විසින් නුවර වැව පරිශ්‍රයට බැහැර කරන ලද ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සහ කැළිකසළ ඉවත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය පරිසරයක් බවට පත් කිරීමේ අරමුණෙන් 2025 අප්‍රේල් මස 28 වැනි දින ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය ලබා දිමට කටයුතු කෙරිණි.
30 Apr 2025
‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වන අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව (9th IMSC) සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වැනි අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව 2025 අප්‍රේල් මස 27 වැනි දින උදෑසන සිංගප්පූරුවේ චැංගි (Changi) වරාය වෙත පිටත් විම සඳහා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායෙන් පිටත් වීම සිදුකෙරිණි.
28 Apr 2025
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුමට සහභාගි වෙයි

කොළඹ 05, ජාවත්ත සුසාන භූමියේ 2025 අප්‍රේල් මස 25 වැනි දින පැවති වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුම් උත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි සහභාගි විය.
26 Apr 2025
කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 22 වැනි දින දිවයිනට පැමිණි කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’යුද නෞකාව 2025 අප්‍රේල් 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Apr 2025
“සිරි දළඳා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව හා සුභසාධනය උදෙසා නාවික හමුදාවේ සහය

මහනුවර “සිරි දළදා වන්දනාව” සඳහා සම්බන්ධවන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමේ අධීක්‍ෂණ සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 23 වැනි දින නාවික හමුදාධිපති සහභාගී විය.
24 Apr 2025
කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිළ සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 22) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
22 Apr 2025
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් Faheem-Ul-Aziz (විශ්‍රාමික) නිළ හමුවක් සඳහා 2025 අප්‍රේල් මස 21 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ නියෝජ්‍ය ආඥාපති හමු විය.
22 Apr 2025
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය මඟින් සංවිධානය කල විචිත්‍රවත් බක්මහ උළෙලක්, එම නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 20 වැනි දින තලෛයිමන්නාරම, පියර්ගම රෝමානු කතෝලික විද්‍යාල ක්‍රීඩාංගනයේදි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
22 Apr 2025