වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා ගුවන් හහමුදාවේ 74 වැනි සංවත්සරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුභාශිංසන

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (2025 මාර්තු 02) 74 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි. ඒ වෙනුවෙන් නාවික හමුදාධීපති ඇතුළු සමස්ත නාවික හමුදාවේ සුභාශිංසනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනැමේ.
02 Mar 2025
නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සයුරල නෞකාවන් වෙත භාරදීම 2025 පෙබරවාරි මස 28 වැනි දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
02 Mar 2025
නාවික හමුදාව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා එක්ව ගරුතර පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායනයක් 2025 පෙබරවාරි මස 28 වැනි දින පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.
02 Mar 2025
කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදාව යටිතල පහසුකම් සංවර්ධනය කරයි

යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික, සම්පත් හා ශ්‍රම දායකත්වය ලබාදීම සිදු කරමින් පවතී.
01 Mar 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 මාර්තු 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
01 Mar 2025