වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීමට සුදුසුකම් ලබයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගි‍නස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) 2025 මාර්තු මස 09 වැනි දින සුදුසුකම් ලැබීමට සමත් විය.

09 Mar 2025

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2025 මාර්තු මස 08 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

08 Mar 2025

තලෙයිමන්නාරම, ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් තලෙයිමන්නාරම, ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල් පරිශ්‍රය දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 08 වැනි දින සිදු කෙරිණි.

08 Mar 2025

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ “පිරිසිදු වෙරළ තීරයක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2025 මාර්තු මස 01 වැනි දින සහ 08 වැනි දින දකුණු නාවික විධානය තුළ ආරම්භ කෙරුණු වෙරළ පිරිසිදු කිරීම සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.

08 Mar 2025

රාජාංගනය, ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති රාජාංගනය, ජලාශයේ වම් ඉවුර සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2025 මාර්තු මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

08 Mar 2025

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ය‍ටතේ නාවික හමුදාව මඟින් නිලාවේලි වෙරළ ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ, නැගෙනහිර නාවික විධානයේ දායකත්වයෙන් නිලාවේලි වෙරළ ආශ්‍රීතව කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රීයාවට නැංවීමට 2025 මාර්තු මස 08 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

08 Mar 2025

තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ “ලෝක සාමය උදෙසා මෛත්‍රි පාද යාත්‍රාව” නාගදීප විහාරස්ථානයට ලඟා වෙයි

ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය නියෝජනය කරමින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පනස් දෙනමකගේ (52) සහභාගීත්වයෙන්, 2025 පෙබරවාරි මස 07 වැනි දින තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ “ලෝක සාමය උදෙසා මෛත්‍රි පාද යාත්‍රාව” අද (2025 මාර්තු 08) යාපනය නාගදීප රජමහා විහාරස්ථානයට ලඟාවූ අතර, නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් එම පාද යාත්‍රාවේ පැමිණි භික්‍ෂුන් වහන්සේ ඇතුළු පිරිස වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

08 Mar 2025

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටු වීම සඳහා ඇවිදීම ආරම්භ කරයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගි‍නස් ලෝක වාර්තා ‍දෙකක් (02) පිහිටුවීම සඳහා රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද (2025 මාර්තු 08) 1500 පැයට නාවික හමුදා මුලස්ථානයේදී, ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ නිල ආයතනය ලෙස කටයුතු කරනු ලබන සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ අධික්‍ෂණයෙන් ඇවිදීම ආරම්භ කෙරිණී.

08 Mar 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තුෂාර උඩුගම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් තුෂාර උඩුගම අද (2025 මාර්තු 07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

07 Mar 2025

ரியர் அட்மிரல் துஷார உடுகம கடற்படை சேவையிலிருந்து ஓய்வு பெற்றார்

ரியர் அட்மிரல் துஷார உடுகம இலங்கை கடற்படையில் 33 வருட கால சேவையை நிறைவு செய்து இன்று (2025 மார்ச் 07) இன்று கடற்படை சேவையிலிருந்து ஓய்வு பெற்றார்.

07 Mar 2025