වැදගත් සිදුවීම්
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 32 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් දෙදෙනෙක් (02) සහ නාවිකයන් තිස් හතර දෙනෙක් (34) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, අනූෂා බානගොඩ මැතිණියගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 වැනි දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
23 Mar 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් MURASAME’ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 මාර්තු 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
22 Mar 2025
එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරී, අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ නිල හමුවක් සඳහා අද (2025 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
21 Mar 2025
පාසල් පරිශ්‍ර “සතුට සපිරි පාසලක්” බවට ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථානය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා ප්‍රජා බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කඩවත බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, කඩවත ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලය, ඉඹුල්ගොඩ පරකන්දෙණිය මායාදුන්න ප්‍රාථමික විද්‍යාලය සහ වැලිවේරිය එම්බරළුව මිහිඳු කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාල පරිශ්‍ර ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථානය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම 2025 මාර්තු මස 18 වැනි දින සිදු කෙරිණි.
21 Mar 2025
මුලතිව්, මුල්ලිවයික්කාල් බටහිර කනිෂ්ඨ විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මුලතිව්, මුල්ලිවයික්කාල් බටහිර කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම 2025 මාර්තු මස 15 වැනි දින සිදු කෙරිණි.
21 Mar 2025
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් බටහිර නාවික විධානයේ අධ්‍යයන සංචාරයක නිරත වෙයි

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ශාන්ත හේවගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විද්‍යාලයේ උපදේශක මණ්ඩලය සහ 19 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 190කගෙන් සමන්විත කණ්ඩායමක් බටහිර නාවික විධානයේ අධ්‍යයන සංචාරයක නිරතවීම 2025 මාර්තු මස 17 වැනි සිදු කෙරුණු අතර, එම පිරිස බටහිර නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීම එම විධානයේ මෙහෙයුම් කාර්යය මණ්ඩලය විසින් සිදු කෙරිණි.
21 Mar 2025
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 16 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව, 2025 මාර්තු මස 19 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
20 Mar 2025
ගල්ගමුව මැදින්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, ගල්ගමුව මැදින්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම 2025 මාර්තු මස 15 වැනි දින සිදු කෙරිණි.
20 Mar 2025
ප්‍රංශයේ ඉන්දියානු සාගර කලාපීය ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශයේ ඉන්දියානු සාගර කලාපීය ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී (French Joint Forces Commander in the Indian Ocean) Rear Admiral Hugues Lainé නිල හමුවක් සඳහා 2025 මාර්තු මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
20 Mar 2025
කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ නාවික හමුදාව මඟින් ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වී ඇති ඓතිහාසික වශයෙන් වැදගත් නෞකා සුන්බුන් ආවරණය වන පරිදි ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමක් 2025 මාර්තු මස 10 වැනි දින සිට 17 වැනි දින දක්වා සාර්ථකව සිදු කෙරිණි.
19 Mar 2025