වැදගත් සිදුවීම්
ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance –ISG) නියෝජිතයින් පිරිසක් 2025 මාර්තු මස 11 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
12 Mar 2025
අනුරාධපුරය, හබරණ මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් අනුරාධපුරය, හබරණ මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 10 වැනි දින සිදු කෙරිණි.
11 Mar 2025
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) (Major General Faheem-Ul-Aziz (Retd) අද (2025 මාර්තු 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
11 Mar 2025
නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ ශක්ති නෞකාවන් වෙත භාරදීම 2025 මාර්තු මස 04 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
11 Mar 2025
කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියළු කටයුතු සුදානම්
කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය සියළු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා යාත්‍රා අඛණ්ඩව යොදවා ඇති අතර, උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.
10 Mar 2025
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීමට සුදුසුකම් ලබයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) 2025 මාර්තු මස 09 වැනි දින සුදුසුකම් ලැබීමට සමත් විය.
09 Mar 2025
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2025 මාර්තු මස 08 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
08 Mar 2025
තලෙයිමන්නාරම, ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් තලෙයිමන්නාරම, ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල් පරිශ්‍රය දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 08 වැනි දින සිදු කෙරිණි.
08 Mar 2025
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ “පිරිසිදු වෙරළ තීරයක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2025 මාර්තු මස 01 වැනි දින සහ 08 වැනි දින දකුණු නාවික විධානය තුළ ආරම්භ කෙරුණු වෙරළ පිරිසිදු කිරීම සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.
08 Mar 2025
රාජාංගනය, ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති රාජාංගනය, ජලාශයේ වම් ඉවුර සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2025 මාර්තු මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
08 Mar 2025