වැදගත් සිදුවීම්
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් (02) දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් නෞකා හතරින් (04) දෙකක් වන ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් සිය පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පසුගිය මාර්තු 27 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.
29 Mar 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, නොර්වේ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
29 Mar 2019
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 28) කල්පිටිය, බත්තලංගුඩුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
29 Mar 2019
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 27) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
28 Mar 2019
ජාතික ඵලදායිතා සම්මාන උලෙළේදී වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙහි මඟපෙන්වීම හා උපදේශකත්වය මත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2018 උළෙල පසුගිය මාර්තු 26 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
28 Mar 2019
මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී
‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ඊයේ (මාර්තු 27) පුත්තලම, එළුවන්කුලම්හි ගඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලදී.
28 Mar 2019
ලීමා - 2019 සඳහා එක් වූ ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ නිරික්ෂණ චාරිකාවකට නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව පසුගිය මාර්තු 25 වන දින මැලේසියාවේ ලන්කාවි දූපතට ලඟා වූ අතර, මැලේසියානු නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව ‘සාගර’ නෞකාව උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.
28 Mar 2019
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ඊයේ (මාර්තු 27) මීගමුව, පල්ලියවත්ත වෙරළ තීරය සහ පෝරතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.
28 Mar 2019
නිහඩ සේවයක් තුළින් මත්ද්‍රව්‍ය වැටලිමට මෙන්ම නිවාරණයට සෘජුව දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව
මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිවිම ඕනැම රටක සංවර්ධනය අඩාලවීම කෙරෙහි සෘජුවම බලපාන සාධකයකි. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික වටපිටාව දරුණු පසුබෑමකට ලක්වන අතර, ශ්‍රී ලංකාව ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනයට ලක්ව ඇති රටක් බව මෑත කාලීනව සිදු කරන ලද මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලිම් වලින් හසුවන මත්ද්‍රව්‍ය ප්‍රමාණය දෙස බැලිමේදී තහවුරු වේ.
28 Mar 2019
ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් ඕස්ට්‍රේලියානු නාවික හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක
‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ නිරික්ෂණ චාරිකාවක නිරත විමට ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට ඊයේ (මාර්තු 26) කොළඹ වරාය පරිශ්‍රයේදී අවස්ථාව උදාවිය.
27 Mar 2019