වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමන් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 21 සහ 22 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
23 Feb 2019
මහව මහපලුගස් වැව පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
සැල්වීනියා, පාසි ඇතුළු ජලජ පැලෑටි හේතුවෙන් විනාශ වි ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව තිබූ කුරුනෑගල දිස්ත්‍රික්කයේ මහව, මහපලුගස් වැව පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 23) ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.
23 Feb 2019
වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකා ත්‍රිකුණාමලයේදී
භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කරන ලදී.
23 Feb 2019
නාවික හමුදාව තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනකට දායකත්වය සපයයි
නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරමින් පවතී.
23 Feb 2019
අවසරපත් නොමැතිව ගොඩ දැමූ තවත් වැලි තොගයක් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (පෙබරවාරි 22) පෙරිය කින්නියා, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
23 Feb 2019
ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීමට තවදුරටත් නාවික හමුදා සහාය
භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කරන ලදී.
22 Feb 2019
කොමාණ්ඩර් රංජිත් විමලරත්න මහතා ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් රංජිත් විමලරත්න මහතා අද (පෙබරවාරි 22) වැඩ භාර ගන්නා ලදී.
22 Feb 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 03.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් හා එක්ව ඊයේ (පෙබරවාරි 21) කුරුණැගල, කරබේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
22 Feb 2019
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 21) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
22 Feb 2019
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු මැද නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් මඟින් අරිප්පු ප්‍රදීපයට (Beacon) ප්‍රදේශයට වයඹ දෙසින් වූ මුහුදේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
22 Feb 2019