වැදගත් සිදුවීම්

පාකිස්තානු නාවික විද්‍යාපීඨයේදී විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් හට නියෝජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය තුමන් වෙතින් විශේෂ ඇගයීමක්

පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූරණ කර, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් අද (2025 ජනවාරි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සමඟ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමු විය.

27 Jan 2025

නාවික හමුදාව ‍ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 ජනවාරි මස 25 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා ශාලාවේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

27 Jan 2025

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘THE PORTHOLE’ වාර්ෂික ප්‍රකාශණය එළිදකි

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළිදක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි තෙවන කලාපය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝශප් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත පිළිගැන්වීම, අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

27 Jan 2025

නාවික හමුදාධිපති රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, අද (2025 ජනවාරි 26) මීරිගම, මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක වැඳ නමස්කාර කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.

26 Jan 2025

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් යාපනයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජනවාරි මස 21 වැනි දින සිට 23 වැනි දින දක්වා යාපනය මාතගල් ශාන්ත අන්තෝනි දේවස්ථානය, කන්කසන්තුරය නඩේෂ්වර විද්‍යාලය සහ වෙත්තිලයිකර්නි පරමේෂ්වර විද්‍යාලය යන ස්ථානයන්හිදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.

25 Jan 2025

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද (2025 ජනවාරි 24) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

24 Jan 2025

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා පිරිසිදු කර අළුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ සහය

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා නාවික හමුදාව විසින් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා පිරිසිදු කිරීම හා අළුත්වැඩියා කිරීම, 2025 ජනවාරි මස 23 වැනි දින ආරම්භ කෙරිණි.

24 Jan 2025

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා ඇතුළු දූත පිරිසක් 2025 ජනවාරි මස 20 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින්, එම විධානයේ වැඩ බලන ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා හමුවිය.

22 Jan 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කළ ජල පිරිපහදු මධ්‍යස්ථාය ජනතා අයිතියට පත්කෙරේ

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ MAS සමූහ ව්‍යාපාරයට අයත් බොඩිලයින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වය මත ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කෙරුණු 1077 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක හිමිපානන් ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ බොඩිලයින් සමාගමේ අධ්‍යක්‍ෂිකා සයිනි සෙනරත් මෙනවියගේ සහභාගීත්වයෙන් අද (2025 ජනවාරි 21) සිදු කෙරිණි.

21 Jan 2025

ශ්‍රී ලංකා නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සංවිධායකත්වයෙන් තවත් ගවේෂණාත්මක කඳු නැගීමේ අභ්‍යාසයක් සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතය 2025 ජනවාරි මස 16 වැනි දින සිට 18 වැනි දින දක්වා ස්වභාවික සෞන්දර්යයෙන් හා මනස්කාන්ත පරිසර පද්ධතියකින් සමන්විත වූ, සුන්දර මධ්‍යම කඳුකරයේ කළුපහන ප්‍රදේශයේ; බඹරකන්ද, වැලි වංගුව සහ ඔහිය සුප්‍රසිද්ධ යකාගේ පඩිපෙළ ඇතුළු වඩාත් අභියෝගාත්මක සහ මනරම් භූමි ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් සංවිධානය කෙරුණු ත්‍රාස්‍යජනක කඳු නැගීමේ ගවේෂණ චාරිකාවක් සාර්ථකව අවසන් කෙරිණි.

20 Jan 2025