වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 05 වැනි දින පුත්තලම පෙරියපාඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (618) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 May 2026

සන්නිවේදන ශිල්පීය කුසලතා වර්ධන වැඩමුළුවක් නාවික හමුදා සාමාජිකයින් වෙනුවෙන් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සන්නිවේදන ශිල්පීය කුසලතා නව මානයක් කරා යොමු කිරීමේ අරමු‍ණින් කොළඹ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ මෙහෙයවීමෙන් විශේෂ පුහුණු වැඩමුළුවක් 2026 මැයි මස 02 වැනි දින දකුණු විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විය.

06 May 2026

දිවයිනට පැමිණි ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්වෙයි

මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 04 වැනි දින ඉන්දිය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනට පැමිණි අතර, අද දින (2026 මැයි 06) එම සබ්මැරීනය දිවයිනෙන් පිටත් විය. ‘INS SINDHUKESARI’ සබ්මැරීනය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

06 May 2026