වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 373ක් නාවික හමුදා සේවයට එක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයන් දෙසීය තිහක් (230) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය හතලිස් තුනක් (143) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැත්තෑ තුන් දෙනෙකු (373) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, අද (2026 අප්‍රේල් 27) ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, රියර් අද්මිරාල් ජනක මාරඹගේ සහභාගී විය.

28 Apr 2026