වැදගත් සිදුවීම්
78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් මාලාවක් සඳහා නාවික හමුදාවේ ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, 2026 පෙබරවාරි මස 04 වැනි දින සිදුකෙරිණි.
07 Feb 2026
කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදාව යටිතල පහසුකම් සංවර්ධනය කරයි
යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික, සම්පත් හා ශ්‍රම දායකත්වය ලබාදීම සිදු කරමින් පවතී.
06 Feb 2026
ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Armando Paolo SIMI, නිල හමුවක් සඳහා 2026 පෙබරවාරි මස 05 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
06 Feb 2026
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
06 Feb 2026
අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩි මුර 25 ක් පිරිනමයි
‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව පෙරදැරිව පැවති 78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට, අද (2026 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් කොන්රඩ් අන්නතුගොඩ ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2026
78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (2026 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 78 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1148 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොළොන්නරුවේදි ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 29 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
01 Feb 2026


