නාවික හමුදාව විසින් මුලතිව් මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2026 ජනවාරි මස 23 දින මුලතිව් මහ රෝහලේ දී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරුණු මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.