වැදගත් සිදුවීම්

ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර 13 වැනි වරට පැවැති මාණ්ඩලික සාකච්ඡාවාරය කොළඹදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර දහතුන් වැනි (13) මාණ්ඩලික සාකච්ඡා වාරය (13th Navy to Navy Staff Talks – Indian Navy and Sri Lanka Navy) 2026 ජනවාරි මස 14 දින කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී සාර්ථකව පැවැත්වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී, රියර් අද්මිරාල් Srinivas Maddula (Assistant Chief of Naval Staff – Foreign Cooperation) විසින් ජනවාරි 13 දින නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

16 Jan 2026

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1147 වෙනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය බදුල්ල රිදීමාලියද්දේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොලේයාය ප්‍රජා ශාලා භූමියේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 13වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

16 Jan 2026

DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සුරනිමිල නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් 17 වැනි වරටත් සංවිධානය කරනු ලබන DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීම‍ට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව අද (2026 ජනවාරි 14) කොළඹ වරායෙන් මාලදිවයිනේ මාලේ අගනුවර බලා පිටත් විය.

16 Jan 2026