වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 373ක් නාවික හමුදා සේවයට එක්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයන් දෙසීය තිහක් (230) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය හතලිස් තුනක් (143) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැත්තෑ තුන් දෙනෙකු (373) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, අද (2026 අප්‍රේල් 27) ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, රියර් අද්මිරාල් ජනක මාරඹගේ සහභාගී විය.
28 Apr 2026
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ මෙහෙයුම්, සුභසාධන හා කෘෂි ව්‍යාපෘති නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2026 අප්‍රේල් මස 18 සහ 19 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන හා කෘෂි ව්‍යාපෘති කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු වඩාත් කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකෙරිණි.
23 Apr 2026
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව පුහුණු වැඩ සටහනක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීම සදහා අද (2026 අප්‍රේල් 21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
21 Apr 2026
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
2026 අප්‍රේල් මස 15 වැනි දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 අප්‍රේල් මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
19 Apr 2026
සමුද්‍රීය සහයෝගීතාවය සහ නාවික සම්ප්‍රදායන් විදහා දක්වමින් ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් නගර පෙළපාළියක් ගාලු මුවදොරදී
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාවේ නැව් මුළුව සහ ශ්‍රි ලංකා නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් සංස්කෘතික සංදර්ශණයක් හා නගර පෙළපාලියක් ගාලු මුවදොරදී 2026 අප්‍රේල් මස 16 වැනි දින පැවැත්විණි.
19 Apr 2026
නාවික හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ ධිවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ජීවිතාරක්‍ෂක සහ මූලික ප්‍රථමාධාර වැඩසටහනක් සාර්ථකව පවත්වයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධිවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් මුහුදේදී ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්‍ෂක හා මූලික ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 අප්‍රේල් 09 දින යාපනය මයිලඩි ධීවර වරායේදී වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ එක්ව සාර්ථකව පැවැත්වීය.
16 Apr 2026
නාවික මහ රෝහලෙහි නේවාසික රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදා සංගමය වෙතින් ප්‍රදානයක්
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මඟින්, නාවික මහ රෝහල කොළඹහී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ භාවිතය සඳහා අත්‍යවශ්‍ය ඇදුම් කට්ටල, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර තොගයක් 2026 අප්‍රේල් මස 07 වැනි දින, එම රෝහල් පරිශ්‍රයේදී පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
16 Apr 2026
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් දිවයිනෙන් පිටත්වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා 2026 අප්‍රේල් මස 12 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, එම නෞකාවන් 2026 අප්‍රේල් මස 13 වැනි දින දිවයිනෙන් පිටත් විය. ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
15 Apr 2026
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි හතර දෙනෙක් (24) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 10 වැනි දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
11 Apr 2026
දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 09 වැනි දින උදෑසන කටයුතු කෙරිණි.
10 Apr 2026


