75 වැනි නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදා 75 වැනි සංවත්සරයට සමගාමීව බටහිර නාවික විධානය මඟින් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් 2025 දෙසැම්බර් මස 27 වැනි දින සිදුකෙරිණි.
මෙම වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහන යටතේ, ගාලු මුවදොර ඉදිරිපස වෙරළ තිරයේ විසිරී තිබූ ප්ලාස්ටික් හා පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එම වෙරළ තීරයෙන් ඉවත්කර, වෙරළ පරිසර පද්ධතියට හානි නොවන ලෙස ක්‍රමවත්ව බැහැර කිරීම සිදුකෙරිණි.
තවද, මේ සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නාවික පුද්ගලයින් 200 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වී සිටියහ.


