දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා වෛද්‍ය සහය
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත්ව, දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ගම ලෙවලන් වත්ත, කලෛවානි විදුහලේ රැඳී සිටින ජනතාව වෙනුවෙන්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරුණු මානුෂීය ආධාර වැඩසටහනට සමඟාමීව පැවති සෞඛ්‍ය කඳවුරක් සඳහා, නාවික හමුදා වෛද්‍ය සහය ලබා දීමට 2025 දෙසම්බර් 20 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව සංවිධානය කෙරුණු මෙම මානුෂීය ආධාර වැඩසටහන යටතේ පැවති සෞඛ්‍ය කඳවුර තුල; කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය විසින් සිදුකල දේෂීය වෛද්‍ය සායනයක්, Sri Lankan Lady Doctor’s Sister Hood සමුහය විසින් සිදුකල බටහිර වෛද්‍ය සායනයක් සහ විශේෂ මනෝ උපදේශක කණ්ඩායමක් මඟින් සිදුකල මනෝ උපදේශන සායනයක් සඳහා නාවික හමුදාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වය ලබා දීම, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සිදුකෙරිණි.
තවද, මෙම සෞඛ්‍ය කඳවුර සඳහා යුද හා ගුවන් හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ගේද දායකත්වය හිමිවිය.







