අභිනවයෙන් ඉදිකල නාවික හමුදා වැටුප් හා විශ්‍රාම වැටුප් කාර්යාල සංකීර්ණය විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සඳහා දිගු කාලයක සිට පැවති අවශ්‍යතාවයක් සපුරාලමින්, අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා වැටුප් හා විශ්‍රාම වැටුප් කාර්යාල සංකීර්ණය 2025 දෙසැම්බර් මස 17 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරිණි.
මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු හා තාක්‍ෂණික ශිල්පීය දායකත්වයෙන් 2021 වර්ෂයේදි ආරම්භ විය. ඒ අනුව, මහල් හතරකින් යුතුව ඉදිකිරීම් සම්පූර්ණ කරන ලද මෙම නව කාර්යාල සංකීර්ණය තුල; නාවික හමුදා විශ්‍රාම වැටුප්, ගිණුම් හා විගණන සහ නාවික වැටුප් දෙපාර්තමේන්තුව එකම ස්ථානයක ස්ථාපනය කිරීම තුලින්, නාවික හමුදා වැටුප් හා විශ්‍රාම වැටුප් ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.


