වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ 264 වැනි බඳවා ගැනීම යටතේ ආධුනික නාවිකයින් 286ක් පුහුණුව සඳහා අනුයුක්ත වෙයි
ශ්රී ලංකා නාවික හමුදාවේ 264 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ බඳවාගත් ආධුනික නාවිකයින් දෙසීය අසූහය දෙනෙකු (286) පුහුණුව සඳහා අනුයුක්ත කිරීම, 2025 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින සිදුකෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් නාවික හමුදාව ආධුනිකයන්ගෙන් අපේක්ෂිත අරමුණ පිළිබඳව ආධුනික නාවිකයන් දැනුවත් කිරීම, නාවික අනුඛණ්ඩ කොළඹ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්රවණාගාරයේදී සිදුකෙරිණි.
19 Dec 2025
ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුජීව වීරසූරිය වැඩ භාර ගනියි
ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් සුජීව වීරසූරිය, අද (2025 දෙසැම්බර් 18) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
19 Dec 2025


