වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජානක ගුණසීල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජානක ගුණසීල අද (2025 දෙසැම්බර් 18) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
18 Dec 2025
නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ ජල චිකිත්සක පහසුකම් විවෘත කෙරේ
වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන, රණක්ෂිතයට පත් නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අත්‍යවශ්‍යව පැවති ජල චිකිත්සක පහසුකම් අවශ්‍යතාවය සපුරාලමින් ඉදිකළ ජල චිකිත්සක තඨාකය විවෘත කිරීම, 2025 දෙසැම්බර් 17 නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු නාවික හමුදාධිපතිවරුන් වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) හා අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික) ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
18 Dec 2025
අධික ජල ගැලීමෙන් පේරාදෙණිය කලු පාලම සහ කළුගමුව පාලම් තුල සිරවූ දෑ ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම් සාර්ථකව අවසන් වෙයි
"දිට්වා" සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය කලුපාලම දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම් තුල සිරවී, එම පාලම් ඔස්සේ ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වූ අතර, එම පාලම් යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් 2025 දෙසැම්බර් මස 14 දින සහ 17 දින සාර්ථකව අවසන් විය.
18 Dec 2025


