නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජානක ගුණසීල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජානක ගුණසීල අද (2025 දෙසැම්බර් 18) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්රමුඛ නාවික හමුදා කළමනාකරන මණ්ඩලය සහ විධාන ආඥාපතිවරු විසින් අද දිනට සිය 55 වැනි උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ජානක ගුණසීල වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පිරිනැමීම සිදුකෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් ජානක ගුණසීල වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1990 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 08 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජානක ගුණසීල, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ කපිතාන් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (උතුර), ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ පීඨාධිපති, කොමදෝරු විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (නැගෙනහිර), කොමදෝරු අධිකාරි තටාකංගනය (නැගෙනහිර), අධ්යක්ෂ නාවික විදුලි උපයෝගිතා සහ ජීව වෛද්‍ය ඉංජිනේරු, අධ්යක්ෂ නාවික විදුලි දියත් හා අවි ඉංජිනේරු, අධ්යක්ෂ නාවික විද්‍යුත් හා දුරකථන සන්නිවේදන ඉංජිනේරු ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ අධ්යක්ෂ ජෙනරාල් සහ අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු යන ප්රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.


