නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ ජල චිකිත්සක පහසුකම් විවෘත කෙරේ

වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන, රණක්‍ෂිතයට පත් නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අත්‍යවශ්‍යව පැවති ජල චිකිත්සක පහසුකම් අවශ්‍යතාවය සපුරාලමින් ඉදිකළ ජල චිකිත්සක තඨාකය විවෘත කිරීම, 2025 දෙසැම්බර් 17 නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු නාවික හමුදාධිපතිවරුන් වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) හා අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික) ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙම ජල චිකිත්සක තඨාකය ඉදිකිරීම සඳහා මූල්‍ය අනුග්‍රහාය සඳහා; ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ කවුන්සිලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් බෙන්ඩිගෝ හි අටීෂා බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය Phuoch Tag හිමි, බ්‍රැන්ඩික්ස් සමාගම (Brandix Apparel Pvt Ltd), මූස් සමාගම (Moose Clothing Company) සහ නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් දායකත්වය ලබාදී ඇත.

ඒ අනුව, “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණක්‍ෂිතයට පත් නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් සම්පූර්ණ කර ස්ථාපනය කෙරුණු ජල චිකිත්සක පහසුකම් සහිත තඨාකය මෙලෙස විවෘත කිරීම සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, Brandix Apparel Pvt Ltd ආයතනයේ සහ Moose Clothing සමාගමේ ගරු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.