නාවික හමුදාධිපති INS VIKRANT නෞකාවේ නිල සංචාරයක නිරත වෙයි
ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි ඉන්දිය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ නිල සංචාරයක් සඳහා අද (2025 නොවැම්බර් 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.
INS VIKRANT නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Ashok Rao කටයුතු කරනු ලබන අතර, ඔහු 2017 - 2020 කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කර ඇත.
එහිදී, කපිතාන් Ashok Rao විසින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති INS VIKRANT නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමෙන් පසුව, නාවික හමුදාධිපති විසින් නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවාරය සිදුකෙරිණි. සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් ශක්තිමත් සහයෝගීතාවය අවධාරනය කරමින් “Sailing Strong Together” යන තේමාව පෙරදැරිව පැවැත්වෙන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගීවීමට පැමිණීම අගය කිරීමද නාවික හමුදාධිපති විසින් එහිදී සිදුකෙරිණි.


