නාවික හමුදාධිපති විසින් ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා පැමිණි BNS PROTTOY නෞකාවේ නිල සංචාරයක නිරත වෙයි

ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදාවේ BNS PROTTOY යුද නෞකාවේ නිල සංචාරයක් සඳහා අද (2025 නොවැම්බර් 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බාන‍ගොඩ සහභාගි විය.

BNS PROTTOY නෞකාවේ අණදෙන නිලධාරී CAPTAIN MD TOUHIDUL HAQUE BHUIYAN විසින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති BNS PROTTOY නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමෙන් පසුව, නාවික හමුදාධිපති විසින් නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවාරය සිදුකෙරිණි.

තවද, සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් ශක්තිමත් සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරනය කරමින් “Sailing Strong Together” යන තේමාව පෙරදැරිව පැවැත්වෙන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගීවීමට පැමිණීම අගය කිරීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.