වැදගත් සිදුවීම්
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්
2025 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ, හින්දු ආගමික වැඩසටහන 2025 නොවැම්බර් මස 23 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.
26 Nov 2025
ජාත්‍යන්තර යුද නෞකා නිරික්‍ෂණය 2025 සඳහා සහභාගී වීමට විදේශීය යුද නෞකා දිවයිනට පැමිණෙයි
ශ්‍රිලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය වෙනුවෙන් කලාපීය හා ගෝලීය රාජ්‍යන් හතක (07) යුද නෞකා සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 30 දින ගාළු මුවදොරට ඔබ්බෙන් වු මුහුදේදි පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීම සඳහා බංග්ලාදේශය සහ ඉන්දියාව නියෝජනය කරමින් යුද නෞකා තුනක් (03) 2025 නොවැම්බර් මස 25 සහ 26 දෙදින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Nov 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 නොවැම්බර් 18 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2025 නොවැම්බර් මස 21 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Nov 2025
නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2025 (Public Speaking Competition - 2025) සහ 2025 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කිරීම, 2025 නොවැම්බර් මස 20 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජනක මාරඹේ ගේ ප්‍රධානත්වයෙන් සහ අභාවප්‍රාප්ත අද්මිරල් ක්ලැන්සි ප්‍රනාන්දු ගේ මැතිණිය මොනිකා ප්‍රනාන්දු මහත්මියගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්විනි.
26 Nov 2025


