නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2025 (Public Speaking Competition - 2025) සහ 2025 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්රදානය කිරීම, 2025 නොවැම්බර් මස 20 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී, අධ්යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජනක මාරඹේ ගේ ප්‍රධානත්වයෙන් සහ අභාවප්‍රාප්ත අද්මිරල් ක්ලැන්සි ප්‍රනාන්දු ගේ මැතිණිය මොනිකා ප්‍රනාන්දු මහත්මියගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්විනි.
නාවික හමුදා පුද්ගලයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සහ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් මෙම කථික තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලිය ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් වශයෙන් කාණ්ඩ තුනක් (03) යටතේ වාර්ෂිකව පවත්වනු ලබයි.
ඒ අනුව, 2025 දෙසැම්බර් මස 20 වැනි දින පැවති, නාවික හමුදා කථික තරඟාවලියේදී සුවිශේෂි දක්ෂතා පෙන්නුම් කරමින් පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් නිලධාරීන් වෙත සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් හා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
නාවික හමුදා කථික තරඟාවලියේ ජ්‍යේෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් බීඒඑස් වත්සර විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් කේජි ජයසිංහ විසින් සහ තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඊඒඅයිකේ ප්‍රියදර්ශන විසින් හිමිකර ගැනීමට සමත් විය.
කථික තරඟාවලියේ කණිෂ්ඨ නිලධාරි අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් එස්වී මුණසිංහ විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය උප ලුතිනන් ජේඒඑල්ඩි කුමාරී විසින් සහ තෙවන ස්ථානය ලුතිනන් කේඑල් වික්‍රමසූරිය විසින් හිමිකර ගන්නා ලදී.
නාවික හමුදා කථික තරඟාවලිය - 2025 හි විනිශ්චය මණ්ඩලය අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, අධ්යක්ෂ නාවික අයවැය හා මුදල් කොමදෝරු (සැ) පීඩීඩී දේවප්‍රිය, ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් සමාජයේ (Toastmasters International) සමානි නසීම් මෙනවිය (Ms Zamani Nazeem) සහ ඩිලංක කුමාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන් විත විය.
තවද, නාවික හමුදා පුද්ගලයින්ගේ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2025 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලියේ, කොමාණ්ඩර් නිලයෙන් ඉහළ අංශයේ ප්‍රථම ස්ථානය කොමාණ්ඩර් ඊඩිඑස් දිසානායක විසින්ද, එහි දෙවන ස්ථානය කොමාණ්ඩර් ඩිකේඩිපි චාමර විසින් සහ තෙවන ස්ථානය කොමාණ්ඩර් බීඩිඑස් තිසේරා විසින් හිමිකර ගැනීමට සමත් විය.
රචනා තරඟාවලියේ ලුතිනන් කොමාණ්ඩර් නිලයෙන් පහළ නිලධාරී අංශයේ ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් කේඑම්ජිපිඑල් විජේසිංහ විසින් හිමිකර ගත් අතර, එහි දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩිපිආර්එස් සෙනෙවිරත්න විසින්ද, තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් ඩිඒඑල්පි රණවික්‍රම විසින් ද හිමිකර ගැනීමට සමත් විය.
රචනා තරඟාවලියේ නාවිකයින්ගේ අංශයේ ප්‍රථම ස්ථානය නාතොතා ආර්ඒජේසී කරුණාතිලක විසින්ද, දෙවන ස්ථානය සුනි (සංඥා) ජිඑස්ජේ ගුණසිංහ විසින්ද, තෙවන ස්ථානය ප්‍රසුනි (ඉකා) ඩබ්එස් ජයකොඩි විසින්ද, හිමිකර ගැනීමට සමත් විය.




































