ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 නොවැම්බර් 18 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2025 නොවැම්බර් මස 21 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනේ රැදී සිටි කාලය තුලදී, එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ වැදගත් සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගී වූ අතර, නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි.