75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, ජුම්මා පල්ලියේදී ඉස්ලාම් දේව මෙහෙයක්

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ, ඉස්ලාම් දේව මෙහෙය 2025 ‍නොවැම්බර් 22 වැනි දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

නාවික හමුදාවට ආශිර්වාද පතා 2025 ‍නොවැම්බර් 22 වැනි දින කොළඹ කොටුව, ජුම්මා පල්ලියේ දේශබන්දු අශ් ශෙයික් කලීලුර් රහුමාන් (Moulavi Ash-Sheikh Kaleelur Rahman) මව්ලවිතුමාගේ මෙහෙයවීමෙන් පැවති ඉස්ලාම් දේව මෙහෙය මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් 75 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.