ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් විශේෂ දියවැඩියා සායනයක් පවත්වයි
2025 ලෝක දියවැඩියා දිනයට සමඟාමීව කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී 2025 නොවැම්බර් මස 14 වැනි දින විශේෂ දියවැඩියා සායනයක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
කලින් පරීක්‍ෂා කිරීම මඟින්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පව්ලේ සාමාජිකයන්ගේ දියවැඩියා රෝගයට ඇති අවදානම හඳුනා ගැනීම, වැලැක්වීම සහ කළමණාකරනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීමත්, දියවැඩියා අවදානම් තත්වයේ සිටින පුද්ගලයින් හඳුනා ගැනීමත් මෙම විශේෂ දියවැඩියා සායනයෙන් අපේක්‍ෂා කෙරිණි.


