75 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව රඹෑව සිරි දේවමිත්ත ප්‍රාථමික විද්‍යාලය පවිත්‍ර කිරිම සදහා නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය.

ශ්‍රිලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන නාවික සංවත්සරයට සමගාමිව සිදුකෙරෙණ නාවික හමුදා සම්බන්ධීකරණ වැඩසටහන් යටතේ, අනුරාධපුරය රඹෑව සිරි දේවමිත්ත ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කිරිම වෙනුවෙන් නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීම 2025 නොවැම්බර් මස 08 වන දින සිදු කෙරිණි.

තවද, මෙම සමාජ සත්කාරක වැඩසටහන් “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව, 75 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදු කෙරෙණ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ, අනුරාධපුර රඹෑව සිරි දේවමිත්ත ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එම පරිශ්‍රය පිරිසිදු කර අවශ්‍ය පිළිසකර කටයුතු සිදුකිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, උතුරු මැද නාවික විධානයේ, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ දායකත්වයෙන් සිදුකෙරිණි.