වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග/ මැදබැද්ද මහා විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 31 වැනි දින සිදුකෙරිණි.
04 Nov 2025
ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ 04 වැනි පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සිව්වන (04) ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Role of Sri Lanka Navy in National Security’ යන කාලීන මාතෘකාව යටතේ 2025 නොවැම්බර් මස 03 වැනි දින ආරාධිත දේශනයක් පැවැත් වීමට කටයුතු කෙරිණි. තවද, එම අවස්ථාවේදී නාවික හමුදාධිපති වෙත ගෞරව පිරිනැමීම සනිටුහන් කරමින් ‘Hall of Fame’ ගෞරවනීය පුවරුව වෙත නාවික හමුදාධිපතිගේ නම ඇතුලත් කිරීමද එහිදී සිදුකෙරිණි.
04 Nov 2025
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම අද දින (2025 නොවැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
04 Nov 2025


