ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම අද දින (2025 නොවැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් මෙම පොපි මල් සැමරුම වාර්ෂිකව පවත්වනු ලබයි. ඒ අනුව, යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති ඇතුළු සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.


