ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද (2025 ඔක්තෝබර් 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම නිල සංචාරයේදී, AKEBONO නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ARAI Katsutomo සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර අතර නිල හමුවක් එම නෞකාවේදී පැවැත්වුණු අතර, AKEBONO නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ නැව්මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ක්‍රිකට් තරඟාවලියක් සඳහා මෙන්ම, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහාද එක්විය.
තවද, නෞකාවේ නැව් මුළුව දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වු අතර, එම නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හටද අවස්ථාව උදා විය.


