තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීමේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, පුත්තලම දිස්ත්‍රීක්කයේ තබ්බෝව අභයභූමිය ආශ්‍රීතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීම වෙනුවෙන්, එම වැව් පිටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් 2025 ඔක්තෝබර් මස 10 සිට 12 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

ඒ අනුව, තෙදිනක් (03) පුරා පැවති මෙම තබ්බෝව වැව ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, එම වැව් පිටිය ආශ්‍රිතව වැවී තිබූ ජපන් ජබර සහ කලපුඅන්දර ශාක ගලවා ඉවත් කිරීම සාර්ථකව සිදුකෙරුණු අතර, ඒ සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්; ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිද හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිහය.